මෙම කෘතිය
විසි වන සියවසෙහි ලොව රචිත විශිෂ්ටතම නවකතා 100 අතරින් එකකි. 1939 දී
ජුලියට්ස්ර් ත්‍යාගයෙන් පිදුම් ලද එය 1962 දී ජෝන් ස්ටේයින්බෙක් වෙත
සාහිත්‍යය පිළිබද නොබෙල් ත්‍යාගය පිරිනැමීමේ ප්‍රධාන හේතු සාධකය ලෙස
සැලකිණි.
ඇමරිකානු
සාහිත්‍ය ඉතිහාසය තුල වැඩිම ආන්දෝලනයකට සහ වාද විවාදයන්ට පාත්‍ර වූ, එසේම විසිවන
සියවසෙහි ලොව රචිත අගනාම සාහිත්‍ය කෘති සියය අතුරින් එකක් ලෙස සැලකෙන එය ඇමරිකානු
කම්කරු නීති ප්‍රතිසංවිධානය කෙරහි ඉමහත් බලපෑමක් ඇති කළේය. එය වැඩිම ඇමරිකානු
ජනකායක් කියවූ ඇමරිකානු සාහිත්‍ය කෘති 10 අතරින් එකක් ලෙස සැලකේ.
වෛරයේ මිදී ඵල ලෙස පළමු වරට සිංහලට නැගෙන මෙම කෘතිය
විසිවන සියවසේ මුල් භාගයේදී ඇමරිකා එක්සත් ජනපදය මුහුණ දුන් දරුනුතම මානව
ඛේදවාචකයක් පසුබිම් කරගත් හද සසල කරවන නිර්මාණයකි. (පිටු 842 මිල රු 1200)
තරු මගට පිවිසුනෙමි
1961 අප්‍රේල් 12 දින ඔහු ඉතිහාස පිටු අතරට සිය නම එක්
කලේ ලොව ප්‍රථම අභ්‍යාවකාශගාමියා බවට පත් වෙමිනි. ඔහු ලොව පුරා සෑම පරම්පරාවකම හද
දිනු චරිතයක් බවට පත් වුයේය.
“තරු මගට පිවිසුනෙමි” ඔහුගේ
ස්වයං ලිඛිත චරිතාපදානයයි. එය එක් එක්
පුද්ගලයකුගේ අධිෂ්ඨානය, කැපවීම, හා අරමුණු සහගත බව පිළිබද කතාවකි. එසේම එය සමස්ත
මානව වර්ගයාගේම ජයග්‍රහණයක් පිළිබදවද විචිත්‍ර කතාවකි.
No comments:
Post a Comment